කමල් 10 A පන්තියේ ශිෂ්‍යයෙකි. ඔහු සෞන්දර්ය විෂයට චිත්‍ර හදාරයි. ඔහු සමග මුලු සිසුන් 5 දෙනෙක් 10 A පන්තියෙන් චිත්‍ර හදාරයි. ඔවුනට චිත්‍ර ව්‍යාපෘතියක් ලෙස, පාසලේ තාප්පය වටා චිත්‍ර ඇදීමට ලැබිණි. චිත්‍ර ගුරුතුමියගේ ගණනය කිරීමට අනුව ඒ සදහා ඔවුනට දින 14 ක් ගතවේ. ව්‍යාපෘතිය ආරම්භ වී දින 6 කින් පසු, 10 B පන්තියේ චිත්‍ර හදාරන [...]
Entries from March 2008
March 9, 2008
පාපන්දු කන්ඩායම්
සිරිමල් පාසලේ පාපන්දු කන්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු තරඟාවලිකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියේ තරඟ “round-robin” ආකාරයෙන් පැවැත්වේ. එනම් සහභාගී වන සෑම කන්ඩායමක්ම අනිත් සෑම කන්ඩායමක් සමගම තරඟ වදිනු ඇත. සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි♦. ඒත් කොපමන පාපන්දු කන්ඩායම් ගණනක් සහභාගී වේදැයි? සිරිමල් නොදනී.
එම තරඟාවලියට සහභාගී වන පාපන්දු කන්ඩායම් ගණන [...]
March 9, 2008
සල්ලි මල්ල
අබිලින් සීයා ලඟ රුපියලේ කාසි 144 ඇත. ඔහුට මෙම කාසි වෙන, වෙන මලු කීපයක ඇසිරීමට අවශ්‍ය වී ඇත. හැබැයි, කවුරුන් හෝ ඔහුගෙන් රුපියලත් , රුපියල් 144 ත් අතර ඕනම ගණනක් ඉල්ලූ විට, සල්ලි මලු කිසිවක් විවෘත නොකොට, මලු කීපයකින් (මලු කීපයක එකතුවකින්) එම මුදල දීමට හැකිවිය යුතුයි. මේ සදහා අබිලින් සීයාට මලු කීයක් අවශ්‍යද?
March 9, 2008
ගණිත ප්‍රහේලිකා
ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත හැක.
ප්‍රහේලිකාවක් ඉදිරිපත් කීරීමෙන් පසු, එයට [...]

