5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගය සෙවීමේදී; එම සංඛ්‍යාවේ දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණකර එන පිළිතුර අගට 25 ලියන්න. උදාහරණ: 25² = 25 x 25 ගනිමු. දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණ කිතීමෙන්, 2 x (2+1) =6; අගට 25 ලිවීමෙන් 625. එනම් 25²=625. තව උදාහරණයක් ගනිමු. 55² = ?; 5x(5+1)=30; අගට 25 ලිවීමෙන් 3025. එනිසා 55²=3025.
මෙම ආකාරයටම පළමු අංක 2න් ආරම්භ කිරීම මගින්; අංක 3කින් යුත්, 5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගයත් සෙවිය හැක. උදාහරණ: 995² = (99×100) හා අගට 25 =990025.

