සිරිමල් පාසලේ පාපන්දු කන්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු තරඟාවලිකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියේ තරඟ “round-robin” ආකාරයෙන් පැවැත්වේ. එනම් සහභාගී වන සෑම කන්ඩායමක්ම අනිත් සෑම කන්ඩායමක් සමගම තරඟ වදිනු ඇත. සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි♦. ඒත් කොපමන පාපන්දු කන්ඩායම් ගණනක් සහභාගී වේදැයි? සිරිමල් නොදනී.
එම තරඟාවලියට සහභාගී වන පාපන්දු කන්ඩායම් ගණන කීයදැයි? ඔබට සිරිමල්ට සොයදිය හැකිද? එසේනම් ඒ කීයද?
♦ ගැටලුව සංශෝධනය කර ඇත.
ඉහත ගැටලුව ඉදිරිපත් කිරීමේදී කිසියම් අඩුවක් සිදු වී ඇති බව හැගේ. “සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි”. ඇත්තෙන්ම මෙයින් කීමට අවශ්‍ය වූයේ, තරඟාවලියේ සියලුම තරඟ ගණන 66 යන්නයි.


5 Comments
March 10, 2008 at 11:49 am
පාපන්දු කානඩායම් 12 යි…
March 10, 2008 at 1:46 pm
67යි නේද? මොකද සර් කියපු විදිහට අපිට තරඟ 66ක් තියනව නං, කණ්ඩායම් 66ක් ඇති, අපි නැතුව. අපේ කණ්ඩායමත් එක්ක කණ්ඩායම් 67යි කියලයි මං හිතන්නෙ.
March 11, 2008 at 10:24 am
මමත් හිතන්ෙන් සිරිමල් හරි
March 11, 2008 at 12:06 pm
ඉහත ගැටලුව ඉදිරිපත් කිරීමේදී කිසියම් අඩුවක් සිදු වී ඇති බව හැගේ. “සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරග 66 කට සහභාගී වීමට සිදුවන බවයි”. ඇත්තෙන්ම මෙයින් කීමට අවශ්‍ය වූයේ, තරගාවලියේ සියලුම තරඟ ගණන 66 යන්නයි.
සිදු වූ අත් වැරැද්දට කණගාටු වෙමි.
March 15, 2008 at 3:57 pm
කන්ඩායම් ගණන 12 යි.
පිළිතුර – පාපන්දු කන්ඩායම්